Amanda | අමන්දා 02

     Sinhala Walkatha Zone

Best Of Sinhala Walkatha Collection

Amanda | අමන්දා 02


"යකෝ මූ මෙච්චර ඉක්මණට ඒක කලාද.. ගම කාලනෙ.." පහන් සිතින් සිතන්නට විය. එකෙහෙනිම මුහුණ දිගේ යමක් තිබෙනු දැණු ඔහු මුහුණ පිසදා දමද්දි ඔහුට පෙණුනේ මුහුණෙන් ලේ ගලන අයුරුයි. අමන්දාගේ නියපොතු වලට පසාරු වූ පහන්ගේ මුහුනෙන් ලේ ගලන්නට විය.  පසුව පහන්ද මොහොතක් එලෙසම හිඳ ඇඳුම් ඇඳගන්නට වූයේ වැඩට යන්නටයි. අමන්දා පහන්ගේ මුහුණ දෙස හෝ නොබලමින් ඔෆිස් යන්නට ලක සෑස්ති වී නිවසින් මිදුලට බසිද්දි පහන් බලා සිටියේ ඇය තමා හා කැටුව යතැයි සිතමිනි. එහෙත් පහන්ව ගනනකට හෝ නොගත් අමන්දා ගේට්ටුව ඇරගෙන පාරට වී හිඳිද්දි පහන් අසරණව ඒ දෙස බලා ඉන්නට විය. එක සිදුවීමක් නිසා එක් දිනකින් තමාව මෙතරම් එපාවීම ගැන  පහන්ට හිතේ ඇතිවුනේ වේදනාවකි. පහන් මිදුලට එද්දිම නිවසේ හිමිකාරිය වූ මැටිල්ඩා නෝනා පහන් දෙස බලා සිනාසෙද්දි පහන්ද සිනාසෙන්නට විය.

"ගුඩ් මෝර්නින්ග් මිස්ටර් පහන්.. "

"ගුඩ් මෝර්නින්ග් මිසිස් මැටිල්ඩා.." පහන්ද පිලිතුරු දෙන්නට විය.

"මොකෝ මිස්ටර් පහන් දෙන්නා අතර ප්‍රශ්නයක්වත්ද..?"

"අනේ නෑ මිසිස් මැටිල්ඩා.. අද එයාට කලින් යන්න ඕනි කිව්වා.."

"ආ.. මිස්ටර් පහන්ගෙ මූණ තුවාල වෙලා.. " පහන්ට දෙලොව රත්විය. අමන්දා උදේ කල සීරීමෙන් ඇතිවූ තුවාල පහන්ට සිහිවිය.

"ආ ඒ නින්දෙන් මූණ කසද්දි තුවාල වෙලා මිසිස් මැටිල්ඩා.."

"හ්ම්ම්. හ්ම්ම්.. ඒත් මම දන්න තරමින්නම් මිස්ටර් පහන්ගෙ අත්වල නේල්ස් නෑනේ. මිසිස් අමන්දගෙනම් නේල්ස් තියනවා. " පහන්ට දැන් ඇය කරදරයකි. පහන් සිනාසී

"එහෙනම් මම යන්නම් මිසිස් මැටිල්ඩා. ටූ ලේට්.." පහන් ගේට්ටුව දෙසට යන්නට විය.

"ඕකේ මිස්ටර් පහන්.. ටේක් කෙයාර්.." පහන් පාරට එද්දි අමන්දා බස් නැවතුමේ හිටගෙන සිටින අයුරු ඔහුට පෙනෙන්නට විය. පහන්ද ඇය දෙසට ඇවිදගෙන යද්දි සිදුවූයේ පහන් කිසිදිනෙකවත් බලාපොරොත්තු නොවූ සිදුවීමකි. එනම් අමන්දාගේ බොස් තම මෝටර් රථය අමන්දා සිටි බස් නැවතුම අසලින් නතර කිරීමත් එවිටම වාගේ පහන් දෙස අමුතු බැල්මක් හෙලූ අමන්දා බොසාගේ කාරයට නැග ඔහු හා පිටත් වීමත් ය. පහන්ගේ හදවත කඩා වැටෙන්නාක් මෙන් ඔහුට දැනෙන්නට විය. ඔහුගේ දෙපා අඩපණ වන්නට විය. වෙනදාද අමන්දාගේ බොස් අමන්දාට ලිෆ්ට් එකක් දෙන්නට සැරසුනද අමන්දා එය ප්‍රතික්ශේප කරමින් පහන් හා ඔහුගේ බයිසිකලයේ නැගී ඔහු හා වෙලී ගම්න්න් කරන අයුරු පහන්ට සිහිනයෙන් මෙන් පෙනෙන්නට විය.

"අමන්දා අද ලස්සනයි වෙනදටත් වඩා.." බොස් අමන්දා දෙස බලමින් ඈ වෙත හෙලූ බැල්ම අමන්දාට දිරවන්නේ ද නැත. පහන්ට රිදවන්නට බොස්ගේ මෝටර් රතයට ගොඩවුනද ඇයට දැන් දැන් දැනෙන්නෙ අපහසුවකි. අමන්දා ඔහුට කිසිම අයුරකින් සහය නොදෙන සේ කතා කරමින් කාර්‍යාලය වෙත ගිය අතර ඉක්මණින්ම මෝටර් රථයෙන් බැස කාර්‍යාලය වෙත යන්නට විය.

එදින දවස පුරාම පහන්ට නිදහසේ තම වැඩක් කරගන්නටනම් හැකියාවක් නොතිබිනි. ඒ නිසාම ඔහු ශෝර්ට් ලීව් එකක් ගෙන හිමන්ත හමුවන්නට ගියේ කිනම් හෝ අස්වැසිල්ලක් බලාපොරොත්තුවෙනි.

"මම උබට කිව්වනෙ බං.. මේක හරියන්නෙ නෑ කියලා. "

"හරි හරි බං. මම හිතුවෙ නෑ මෙච්චර වැඩේ සීරියස් වෙයි කියලා." හිමන්තගේ පිටින් තම වැරදි පටවන්නට පහන්ට හැකියාවක් නොවිනි.
"හරි.. හරි.. උබ යමන්.. කොහොම හරි ආදරෙන් ශේප් කරගන්න බලපං. "

"මට තේරෙන්නෙ නෑ බං.. "

"ඔක්කොම හොඳින් වෙයි. උබ ගෙදර යමන්.. උබ කැමති වෙයන් අමා එක්ක ඩොක්ටර්මීට් වෙන්න යන්න. "

අවසානයේ පහන්ගේ හිත හදා හිමන්ත ඔහුව පිටත් කලද හිමන්ත උන්නේද හිතේ බයකින්. තමාගේ විවාහ ජීවිතයද මේ නිසාවෙන් අවිනිශ්චිත බව ඔහුට දැනෙන්නට විය. තම බිරියට අමන්දා තමා කල දේ පැවසුවොත් ඔහු සිතින් හිතන්නට විය.

පහන් නිවසට යද්දි මිසිස් මැටිල්ඩා නිවස අසල සිටිනු දුටු පහන් ඇය අසලට යන්නට විය.

"ආ මිස්ටර් පහන්.. මෙන්න මේ කී එක මිසිස් අමන්දා දෙන්න කිව්වා. "

"අමා කොහෙද ගියෙ මිසිස් මැටිල්ඩා..?" පහන් විමසුවේ සිතේ උආන් ක්ශණික දොම්නස යටපත් කරගනිමිනි..

"ඇයි මිස්ටර් පහන්.. මිසිස් අමන්දා කිව්වෙ වෙඩින් එකක් කියලා. අද මිසිස් අමන්දා යනවා කිව්වෙ.. හෙට අනිද්දා මිස්ටර් පහන් එනවා කියලනෙ කිව්වෙ.. "

"ඕකේ.. මට අමතක වුනා. මට අමා ටෙක්ස්ට් කරලා තිබ්බා මිසිස් මැටිල්ඩා. ඔෆිස් එකේ වැඩත් එක්ක ටිකක් අමතක වෙලා උන්නෙ.. මම ගිහින් එන්නම්කො මිසිස් මැටිල්ඩා.." පහන් මැටිල්ඩාගෙන් මිදී නිවස තුලට යන්නට වූයේ දරාගත නොහැකි වූ දුකකිනි. නිවස තුලට ගිය සැනින් හිමන්ත ඇමතු පහන් සියල්ල පවසන්නට විය. අමන්දාට කෙතරම් ඇමතුම් ලබාගත්තද ඇය දුරකතන ක්‍රියාවිරහිත කර තිබුණි. ඇයගේ මහගෙදර දුරකතනයද එසේම විය.

යලි හමුවෙමු.

KD

Comments