Amanda | අමන්දා 04

     Sinhala Walkatha Zone

Best Of Sinhala Walkatha Collection

Amanda | අමන්දා 04

"හ්ම්ම් ඒකේ ඵලවිපාක අපි මේ ටිකේ දැක්කා. පහන් උන්නෙ අපායක. "

"හ්ම්ම්ම්. ඒත් අක්කේ.. "

"හ්ම්ම්ම්. ඒත් මොනාවුනත් මම කියනදේ අහන්න. දැන් ඔයාලා එහෙ ඉන්න එපා. මම පහන්ට කියන්නම්. ඔයා ජොබ් එකෙන් පුලුවන් තරම් ඉක්මණට අයින්වෙන්න. අයින් වෙලා කරන්න ඕනි දේ මම කියන්නම්. " දෙදෙනාගේ කතාව පැය කිහිපයක් දුරදිග යන්නට විය. අවසානයේ අමන්දාගේ හිත වෙනස් කිරීමට සුමාලිට හැකිවිනි. නමුත් තවමත් පහන් සහ හිමන්ත කෙරෙහි ඇගේ සිතේ වූ පිළිකුල සහමුලින් ඉවත් කිරීමට ඇයට නොහැකිවිය. මේ කිසිවක් හිමන්ත හෝ පහන්දැන නොසිටි අතර. අමන්දාගේ මව කෑමට කතාකරන තුරු ඔවුන්ද උන්නේ කල්පනා කරමිනි.

"දෙන්නෙක් එකතුවුනාම ජීවිතේ ගමනක් අමාරුවෙන් හරි ප්‍රශ්න විසඳගෙන එකට ඉන්න ඕනි. ඔයාලාම තීරණය කලාඑකට ඉන්න. දැන් ඔයාලම්  මෙහෙම විරසකවෙලා. ඒක හරි දෙයක්ද දරුවො. පහන් පුතේ. මම මේ කියන්නෙ අමන්දා පුන්චි කාලේ ඉඳන් සතුටින් උන්නෙ. මම දන්නෙ නෑ දැන් කොහොමද කියලා.  ඒත් ඔයාලගෙ පශ්න ඔයාලා කතාකරලා විසඳ ගන්නවනම් අපි කැමතියි පුතේ.  " අමන්දාගේ පියා ලලිත් පැවසුවේ කෑම ගැනීමෙන් පසුවයි.

අමන්දා පහන් සමඟින් යලි ගෙදරට පැමිණියද දෙදෙනා අතර පැවතියේ විරසක බවකි. නමුදු ඇය වැඩට ගියේ පහන් සමඟින්ම පමණකි.

ටික කලකින් අමන්දා සිය රැකියාවෙන් ඉල්ලා අස්වුන. පහන්ද සිය රැකියාවෙන් ඉවත්ව අමන්දා හා තම පඳිංචිය මාරු කර වෙනත් රැකියාවක් සොයාගෙන ටිකක් දුරකට ගියා. මේ සියල්ල සුමාලිගේ ප්ලෑන් අනුව සිදුවුනේ. මේ අතර අමන්දාගේ බොස්ගෙන් අමන්දාට නිතර ඇමතුම් එන්න ගත්තා. ඒත් ඇය ඒ ඇමතුම් කිසිවක් අන්ස්වර් කලේ නෑ. පසුව දුරකතන අංකයද මාරු කල ඈ නිවසටම වි උම්මා.  පහන්ගේ බීමත්කම වෙනදාට වඩා අඩුවුවද ඔහු රාත්‍රියේදි මත්පැන් පානය කරනු සහ දුකින් වේදනාවෙන් තනිකමින් ඉන්නා අයුරු අමන්දා බලා සිටියේ දුකිනි. බිඳෙන් බිඳ හෝ පහන් තවත් අප්‍රාණික වුනා මිසක ඔහු සුවපත් වන්  බවක් පෙනෙන්නට නොවිනි. අමන්දාද පෙර තරම් හොඳ සෞඛ්‍ය මට්ටමකින් නොවෙයි උන්නෙ. ඇයද නිතර නිතර අසනීප වන්නට වුනා. ඇගේ ඔසප් සමය ඇයට වෙනදාට වඩා වෙහෙසකාරී බවක් හෝ වේදනාකාරී බවක් දැනෙන්නට වුනා  පහන් සමඟ ඇය කිසිත් නොපවසා තනිවම වේදනා නාශක ගනිමින් වේදනාවන් මගහරවා ගන්නට වුනා. ඇයට හුඟ කලකින් පිරිමි පහසක් නොලැබීම නිසාවෙන් වුවද ඇය සිටියේ මානසික පීඩාවකින්. නමුදු පහන් කියන්නෙ ඇයට සැනසෙන්නට නොහැකි තරම් දුර්වල වූ අයෙක් වී අවසාන වී තිබුණා. බේත් ගැනීමට ඔහුගේ මැලිකම ඇයට ඔහු කෙරෙහි ඇතිකලේ වෛරයක් වුනත් ඇය ඔහුට ආදරය කලා. නමුදු ඇගේ පතිවත්, ස්ත්‍රීත්වය, අකීකරු සිත ඔහුට එරෙහිව දොස් පවරන්නට විය. දිනක් පහන් නිවසට එන අතරතුර ඔහුගේ මෝටර් සයිකලය අනතුරකට පත්වී තිබුණි. වැසිදවසක් වූ එදින පහන්ගේ බයිසිකලය වේගයෙන් ආ මෝටර් රියක ගැටී, පාර මත ලිස්සා යාමෙන් ඔහුව අසල කඩයක් කඩාගෙන ඇතුලට යාමෙන් ඔහුට දැඩිලෙස තුවාල සිදුවී තිබුණි. අනතුරින් පසු මෝටට් රිය පලා ගොස් තිබුණු අතර, පහන්ගේ අනතුර සිදුවූ ස්තානයේ සිටි අයෙක් පහන්ව රෝහලට ඇතුලත් කර තිබූ අතර ඔහුගේ දුරකතනයේ තිබූ අංක ගොණුවේ ❤️අමා❤️ ලෙසින් සඳහන් කර තිබූ අංකයට ඔහු අමතා අමන්දාට අනතුර ගැන පවසද්දි අමන්දාට සිහිසුන් නැතිවූවා පමණකි. ඇයට මේ මොහොතේ උදව් ඉල්ලිය හැකි කිසිවෙකුත් නොවීය. තම දෙමාපියන් උන්නේ දුර ඈතකය. ඒ නිසා අමන්දා හිමන්තගේ බිරිඳට ඇමතුවද ඇයගේ දුරකතනය ක්‍රියා විරහිත වී තිබුණේ ඇය සිටි ඇගේ මවගේ නිවසට එදින විදුලිය විසන්දි වීමක් වී තිබූ නිසාවෙනි.. . අවසානයේ ඇය තීරණයකට එළඹිනි. ඇය හිමන්තට ඇමතුමක් ලබාගත්තේ හඬූ කඳුළිනි. වෙන කල කිසිවක් නොමැති නිසාවෙනි.  කිහිප වරක්ම නාද උන දුරකතනය හිමන්ත ගනිද්දි අමන්ද් අපහසුවෙන් මෙන් වචන ගැට ගසා ගත්තාය.

"හලෝ? හිමන්ත.."

"ඔව් කියන්න අමා.." හිමන්තගේ කරුණාබර වචන අමන්දාගේ හිතට සහනයක් විය. අමන්දා සිදු වී ඇති සියල්ල හිමන්තට පවසන්නට විනි.

"අමා. ඔයා බය වෙන්න එපා. මම ගිහින් බලන්නම්. ඔයා පරිස්සමෙන් ඉන්න. සුමාලිත් ගෙදර නෑනේ නැත්නම් ගෙනත් අරින්න තිබුණා. හ්ම්ම් ඔයා ඉන්න මම බලලා කියන්නම් "

"අනේ හිමන්ත. ප්ලීස්. මට පහන්ව බලන්න ඕනි. අනේ මාවත් එක්ක යන්න. " අමන්දා අවසානයේ පවසද්දි හිමන්ත දෙලොවක් අතර තනිවිය. අවසානයේ හිමන්ත් අමන්දාව කැන්දාගෙන යාමට ඇගේ නිවසට පැමිණ අතර අමන්දා ඒ වනවිටත් ලෑස්ති සිටියාය.  රෝහලට යන විටත් පහන් උන්නෙ icu එකට ඇතුලත් කරලා. ඒ වනවිටත් ඔහුගෙ තත්වය බරපතල මට්ටමේ තිබුණේ. ජීවිත් වීම ගැන ඔහුට ලොකු අවදානමක් තිබුණා. ඩොක්ටර් පැවසුවේ ඉක්මන් සැත්කමකට යා යුතු බවයි. ඒ නිසා අමන්දා සැත්කමට අදාල ලියකියවිලි වලට අත්සන් කලා. පහන්ව ශල්‍යාගාරය වෙත රැගෙන ගිය අතර පැයක පමණ සැත්කමක් කිරීමෙන් පසුව ඔහුව යලි icu එකට ඇතුලත් කලා. අමන්දාට පොලිස් නිලදාරින්ට කට උත්තරයක් ලබා දෙන්නට සිදුවූයේ මෙය හදිසි අනතුරක් නිසාවෙන්. පහන් එදින මත්පැන් පානය් කර තිඅබුණෙ නෑ. පහන්ට ඒ වනවිටත් සිහිය ඇවිත් තිබුණේ නෑ  අමන්දා පහන්ට කෙතරම් බැන්නද ඇයට පහන්ට සිදුව ඇති දේ දරාගන්නට නොහැකි වුනා. ඇය ඉකිගසමින් ඇඬුවා. පහන්ට සිහිය නොමැති නිසා වෛද්‍යවරයා පවසා සිටියේ අමන්දට ගෙදර යන්න්  කියලා  ඇය යලි හිමන්ත හා ගෙදර යන්නට සැරසෙද්දිම ඈ රෝහල තුල කොරිඩෝවක් සිහිසුන්ව ඇදවැටුනා. හිමන්තට හිතාගන්න බෑ මොනා කරන්නද කියලා. හෙදියන් දෙදෙනෙකු රෝහල් සේවකයන් දෙදෙනෙක් සමඟ ඇයව ට්‍රොලියක නංවාගෙන opd එකේ ලෙඩුන් බලමින් සිටි වෛද්‍යවරයා හමුවට රැගෙන ගිය අතර අමන්දාට සිහිය පැමිණියා.

"මිස් අමන්දා.. පේන් කිලර් නිතරම ගන්නවා නේද  බලන්න ඔයාගේ ඇඟ දුර්වලයි  ඇයි ඔයා පේන් කිලර් නැතිනම් වේදනා නාශක නිතර ගන්නෙ ?" වෛද්‍යවරයා විමසද්දි ඇය බිම බාලාගෙනම තම ශරීර ගැටලු ඔහුට පවසන්නට වුනා. අනතුරුව ඇයට වෛද්‍යවරයා පැවසුවේ ඇයට ඉක්මණින්ම දරුවෙකු හදන ලෙසයි. හෝමෝන වල ඇතිවන ක්‍රියාකාරකම් නිසා ඇයට එසේ අසනීප වන බව ඔහු පැවසුවා. එහෙත් ඇයට පහන්ගේ අසනීපය ඔහුට වෛද්‍යවරයා ඉදිරියේ පවසන්නට තරම් හැකියාවක් ඒ මොහොතේ තිබුණේ නෑ. සුළු ප්‍රතිකාර කිහිපයක් කල වෛද්‍යවරයා අමන්දාට බෙහෙත් ඖෂධ කිහිපයක් නියම කර ඇයව රෝහලෙන් පිටත් කලා. ඇය අපහසුවෙන් ඇවිදන් යද්දි හිමන්ත ඇගේ අතකින් අල්ලාගත්තේ ඇය වැටෙන්න යද්දි, ඇයට ඔහුව ප්‍රතික්ශේප කල නොහැකි වුනේ ඇයට ඇඟට අපහසුවක් තිබුණු නිසා. කලකට පසු වුව හිමන්තගේ ස්පර්ශය අමන්දාගේ සිරුර පුරාම අමුතුම හැඟීමක් ඇතිකරන්නට සමත් වුනා. තමාට සරණට මේ මොහොතේ උන්නු එකම හිතවතා වුනු හිමන්තගෙ ඈත් වෙන්නට ඇයට හැකියාවක් තිබුණේ නෑ. ඇය ඔහුගේ අතට වාරුවුනා.   හිමන්ත හා ඈ නිවසට යන තුරුම ඈ කලේ දෙනෙත් පියාගෙන කල්පනා කරන එක. ඇගේ දෙනෙත් පියවිලා තිබුණත් ඇගේ දෙනෙත් අගින් සෙමෙන් සීරුවට ඇදෙන්  කඳුළු බිඳු හිමන්ත දැක්කා. එහෙත් ඇයව සනසන්නට හිමන්තට හිතක් තිබුණෙ නෑ. නිවසට යන තුරු මෝටර් රථය තුල තිබුණේ නිහැඬියාවක්. නිවස අසල මෝටර් රථය නවත්වද්දීම වගේ හිමන්තගේ දුරකතනය නාද වෙන්න පටන් ගත්තෙ. ඒ සුමාලිගෙන්.

"හලෝ බබා මොකද උනේ ඇයි 4n ඕෆ් වෙලා තිබ්බෙ. "

"කරන්ට් එක නෑ අනේ උදේ ඉඳන්. ම්ම්. 4න් ඕෆ් වෙලා. ම්ම් කොහෙද ඉන්නෙ ඔයා..?"

"මේ.. පහන්ට පොඩි කරදරයක් වෙලා.. හොස්පිටල් එකට ආවා."

"පහන්ට කරදරයක්.. මෝ..මොකක්ද ඒ? "

"පහන් අද එද්දි ??" හිමන්ත සිදුව ඇති සියල්ල පවසන්නට වුනා.

"අනේ මන්දා බබෝ. ඔයත් පරිස්සමෙන්. අමා දැන් කෝ..?"

"ඉන්නවා එයාව මේ ගෙදරට ඩ්‍රොප් කරන්න ආව."

"හ්ම්ම්. කෙල්ල තනියම නේද. අනේ මංවත් උන්නනම්.."

"ඔව්.. අමාත් අසනීපෙන්. "

"හ්ම්ම් දෙන්න බලන්න කෙල්ලට ටිකක් 4න් එක." අමන්දාට හිමන්ත ෆෝන් එක දුන්න. ඇය සුමාලි එක්ක ටික වෙලාවක් කතා කලා. ඒ අතර හිමන්ත අමන්දලාගේ ගෙදර ගේට්ටුව විවර කර, මෝටර් රතය වත්තට ඇතුළු කර අමන්දාගෙන් නිවසේ යතුඅ ඉල්ලාගෙන දොරද විවර කල.. අමන්දාවද සෙමින් නිවස තුලට කැඳවගෙන ගිය හිමන්ත ඇයට සෝෆාව මතින් වාඩි කෙරෙව්වා. හිමන්ත නිවසෙන් එලියට ගිහින් මෝටර් රථය තුල වූ අමන්දාගේ බෑගය බෙහෙත් එහෙම අරන් යද්දි අමන්දා කතාව. අමා මොහොතකින් යලිත් හිමන්තට ෆෝන් එක දුන්න. හිමන්ත ෆෝන් එක අරන් මෝටර් රථය අසලට ආවේ සුමාලිගේ කීමට.

KD (crazzydana)

Comments