Sinhala Walkatha Zone
මෙනුදි සහ කවීශ අතරින් අත්තම්මාට ඉතාම සමීප වූයේ මෙනුදිය. නමුත් මෙනුදි අත්තම්මා සමඟ සිටීමට බිය වූ එක් කාරණයක්වූයේ ඇය දන්නා කාලයේ සිටම අත්තම්මාගේ කොණ්ඩය සුදු පැහැතිව තිබූ නිසා අත්තම්මා සමඟ සිටීම නිසා ඇයගේ කොණ්ඩයත් සුදු පැහැතිවේදැයි මෙනුදි සිතන්නට වූවාය. විවිධ විච්චූරණ ගල්වා වයසත් සමඟ තමන්ට උරුම වන්නාවූ හිසකෙස් වල පැහැය පමණක් තරුණ කරන්නාවූ බොහෝ කාන්තාවන්ට විදර්ශාගේ මව ඉතා හොඳ ආදර්ශයක් විය. ඇයගේ කොණ්ඩයේ සුදු පැහැය මෙන්ම, රැළි වැටුණු සම සහ කරුණාබර දෑස් ඇයට එක් කලේ ඇයගේ වයසේ විවිධ විච්චූරණ භාවිතා කර ලස්සන වීමට ගොස් අවලස්සන වූ ඇයගේම වයසේ ගැහැණුන්ගේ ඉරිසියාව නොවැදුනු ලස්සනකි. තම පියා කියාදෙන රසවත් කතාන්දර අසා ඒවා තවත් රසබරව අත්තම්මාට කියාදෙන සහ අත්තම්මාගෙන් තවත් කතාන්දර අසන කවීශත් අත්තම්මාගේ මුහුණේ, ශරීරයේ විවිධ ආලේපන ගල්වමින් සහ විවිධ ආකාරයේ විලාසිතා කරවමින් අත්තම්මාව හැඩකරවන මෙනුදිටත් ඇය ඉතාම ආදරයක් සෙනෙහසක් දැක්වූවාය.
"මේ නංඟි. ඔයා දන්නවද ප්‍රකාශ් සර්ට ඕන වෙලා ෆිල්ම් එකේදී ජැපෑන් වල Kyoto වල ATR Computational Neuroscience Lab එකක් වගේ භෞතික මැදිරියක්ම හදන්න" යනුවෙන් විදර්ශා පැවසුවේ ටෙහාන් කාර් රථය ප්‍රධාන මාර්ගයට දමා ගමන ආරම්භ කිරීමත් සමඟය.
"ඉතින් අක්කේ CGI යුස් කරලා ඔය වැඩේ සරලව ලස්සනට කරන්න පුලුවන්නෙ. ඇත්තටම මොකක්ද ඒ Lab එකේ වෙන්නේ අක්කේ"
"වැඩේ අතාත්වික වෙයි කියලා හිතලා ප්‍රකාශ් සර් නම් කීයටවත් එහෙම CGI යූස් කරලා වැඩේ කරන්නෙ නෑ. එයාට වැඩේ ගොඩක්ම තාත්වික වෙන්න ඕනනේ. ඒ Lab එකේ තමයි නංඟි දැනට අවුරුදු තුනකට වගේ කලින් මුලින්ම dream recorder එකක් හැදුවේ. මට මතක විදිහට Professor Yukiyasu Kamitaniයි එයාගේ ටීම් එක තමයි මේ රිසර්ච් එක කලේ"
"ඇත්තටම අක්කි ඒ විදිහට අපිට ඇත්තටම හීන record කරලා බලන්න පුලුවන්ද"
"ඔව්. මෙහෙමයි.. දැනට 60% ක වගේ ඇකියුරසි එකක් තියෙනවා. ඒත් අපේ ටයිම් පීරියඩ් එකත් එක්ක කිම්, අපේ විධායකය අධ්‍යක්ෂකතුමා කිව්ව විදිහට 99%ක ඇකියුරසි එකක් පෙන්වන්න ඕන කියලයි කියන්නෙ"
"ම්ම් මරු නේද ඉතින් ඒකත්. ඒ කියන්නේ මෝහනයේදි අතීත ජීවිතයට යන එක තමයි මෙතනදි සරලවම පෙන්වන්න හදන්නෙ"
"අන්න හරියටම හරි. ඊට පස්සේ ඒ දෙවල් බලලා විශ්ලේෂණය කරනවා"
"ඒත් මුලින්ම මගෙයි කිශාන්ගෙයි කිසින් සීන් එක ශූට් කරන්න දැම්ම එක තමයි අවුල" යනුවෙන් ශාරන්‍යා ලැජ්ජාශීලීව පැවසුවාය.
"ආ ඒක කලේ ඉතින් අපි ඔයාලගෙම හොඳටනෙ දරුවෝ. එහෙම කලාම තමයි අපට ඔය දෙන්මගෙ කෙමෙස්ට්‍රි එක හරියට හදාගන්න පුලුවන් වෙන්නේ"
"ආ නංඟි මම ඔයාට කිව්වෙ නෑ නේද අර කතා කියවන සිද්ධියෙන් සතියකට පස්සේ බස් එකේ මොකක්ද සිද්ධ වුනේ කියලා"
"අනේ ඒ මොකක්ද. මට කිව්වෙ නෑනෙ අක්කි"
"ඔන්න ඉතින් අර බස් එකේ කතා කියවපු සිද්ධියෙන් පස්සෙ දවස් කීපයක් අපි දෙන්නා ෆෝන් එකෙන් චැට් කලා. ස්කූල් එකේදි මීට් වුනාට අපි දෙන්නා ක්ලාස් දෙකක නිසා වැඩි සම්බන්ධයක් තියාගන්නත් වුනේ නෑ. හැබැයි අයියා මට පහළ පන්තියේ හිටියා නිසා ලොකු අවුලක් වුනෙත් නෑ ස්කූල් එකේදි"
"හ්ම්ම්ම්ම් ඉතින්"
"ඉතින් ටික දවසක් චැට් කලාට පස්සේ මටත් තේරුනා මෙයා මට ක්‍රශ් කියලා. ඉතින් මෙයා මට ආදරෙයි කිව්වට පස්සෙ දවසේ මාත් කැමැත්ත දුන්නා. ඉතින් ඔහොම දවස් කීපයක් ගිහින් මම දවසක් මැසේජ් කලා මෙයාට මම හවස මහරගම සරසවි එකට යනවා කියලා පොතක් ගන්න. පස්සෙ බලද්දි මෙයත් ඒ වෙලාවෙම ලෑස්ති වෙලා ඇවිත්. එයා මට කලින් මහරගමට ගිහින් මම බුක්ෂොප් එකෙන් එලියට එනකල් ඉඳලා ෆලෝ කරලා මන් ආයෙත් ගෙදර යන්න නැගපු බස් එකටම නැගලා. මට ගානක්වත් නෑ. ඉතින් ඒ ටයිම් එකට ඔයා දන්නවනේ බස්වල ඇඟිල්ලක් ගහන්න තරම්වත් ඉඩක් නෑ කියලා. ඉතින් මෙයා කොහොමහරි මගේ පිටිපස්සටම ඇවිත් බස් එකේ හිටගෙන ඉඳලා"
"අයියත් මරු වැඩ නේද කරන්නේ"
"ඔව් අයියගෙ තව මරු වැඩ ඔයාට මම පස්සේ කියන්නම්කෝ"
"අනේ අනේ විදූ මේ. මාත් කියනවා එහෙම වුනොත් දන්නවනේ මගේ හැටි ඔයා" යනුවෙන් ටෙහාන්ද විහිළුවෙන් ගැම්මෙන් කීවේය.
Comments
Post a Comment